බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 04 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 04 දෙනෙකු 2020 මැයි 28 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් සිව් දෙනා (04) රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කරන ලදි.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 196 ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 100 ක පිරිසක් සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 18 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.