නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා ඔය, ආනන්ද පුර ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී දේශිය ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

රට තුල පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් කටයුතු දියත් කරමින් සිටිනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව කුඩා ඔය ආනන්ද පුර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මැයි 29 වන දින ක්‍රියාත්මක කරන ලදි. එහිදී සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී දේශීය ගංජා කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 550ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව අදාල පුද්ගලයා සහ දේශීය ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 23ක් වන උස්වෙල ප්‍රදේශයේ පදංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරු සහ දේශිය ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා තණමල්විල පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.