නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07 දෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 30 වන දින ත්‍රිකුණාමලය, බෝල්ඩර් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය බෝල්ඩර් පොයින්ට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එහිදි ඩිංගි යාත්‍රාවක් (01), පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැලක් (01) ඇතුළු තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අවුරුදු 21ත් 38ත් අතර වයස් වල පසුවන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි