නාවික හමුදාවේ සහයෙන් බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 31 වන දින සිලාවතුර, මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී බෝර 12 වර්ගයේ ගිණි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදි.

නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව වයඹ නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් 2020 මැයි මස 31 වන දින සිලාවතුර පොලිසිය හා එක්ව සිලාවතුර මරිච්චුකට්ටි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිවසක් තුල සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිණි අවියක් සොයා ගන්නා ලද අතර, එහිදී එම නිවසේ සිටි කාන්තාවක්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

අත්අඩංගුවට ගන්නා ලද එම කාන්තාව වයස අවුරුදු 34ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාව සහ බෝර 12 වර්ගයේ ගිණි අවිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිලාවතුර පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.