නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 01 වන දින අම්පාර හුලන්නුගේ පුදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දේශිය ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් කටයුතු දියත් කරමින් සිටිනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් ශාස්ත්‍රවේලි පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව අම්පාර හුලන්නුගේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 ජුනි මස 01 වන දින ක්‍රියාත්මක කරන ලදි. එහිදී විකිණීමට සූදානම් කරගෙන තිබූ දේශීය ගංජා කිලෝග්‍රෑම් 04ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ අතර, මෙහිදි අදාල දේශීය ගංජා තොගය සමඟ එක් සැකකරුවකුද අත් අඩංගුවට ගැනීමට කටයුතතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 30ක් වන හුලන්නුගේ, 14 කණුව ප්‍රදේශයේ පදංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරු සහ දේශිය ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පොතුවිල් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.