නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු (01) අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව 2020 ජුනි මස 01 වන දින ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව දිවයින වටා සාගරයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා මෙන්ම රට අභ්‍යන්තරයේ සිදුවන නීති විරෝධී ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහාද නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටී. එලෙස ක්‍රියාත්මක කරන ලද තවත් එක් මෙහෙයුමක් 2020 ජුනි මස 01වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ කුච්චවේලි පොලීසිය එක්ව ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදී පොඩුවකට්ටු පාලම අසලදී සැක සහිත පුද්ගලයෙකු (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී මිලිග්‍රෑම් 150 ප්‍රමාණයේ තහනම් මත් පෙති 38ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 20ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද එම පුද්ගලයා සහ තහනම් මත්පෙති සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු කුච්චවේලි පොලීසිය මගින් සිදු කරනු ලබයි.