වැදගත් සිදුවීම්

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 424ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 02 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

03 Jun 2020

ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක විසින් නාවික හමුදාව වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගෙනයනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කිරීම අද (2020 ජුනි 03) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

03 Jun 2020

මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 02 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 04ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

03 Jun 2020

නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 01 වන දින සහ 02 වන දින ත්‍රිකුණාමලය වලයිතෝට්ටම් සහ කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදු කරන ලද මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

03 Jun 2020