දේශීය නිෂ්පාදිත ගිණි අවියක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුනි මස 03 වන දින මන්නාරම, අච්චානකුලම් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී දේශීය නිෂ්පාදිත ගිණිඅවියක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීමේ ජාතික කර්තව්‍ය සඳහා තම නිරන්තර දායකත්වය ලබා දීමට කටයුතු කරයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් 2020 ජුනි මස 03 වන දින මන්නාරම, අච්චානකුලම් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී ප්‍රදේශයේ වන ලැහැබක් තුල සඟවා තිබූ දේශීය නිෂ්පාදිත ගිණි අවියක් සොයා ගැනීමට සමත් විය. පසුව අදාල ගිණි අවිය නාවික හමුදා භාරය ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද දේශීය නිෂ්පාදිත ගිණි අවිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුරුන්කන් පොලිසිය වෙත භාර දෙන ලදී.