යාන්ඔය ප්‍රදේශයේ වගුරු බිමකින් ස්වයංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගන්නා ජීවී උණ්ඩ තොගයක් සොයා ගනී.

නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 04 වන දින යාන්ඔය, වීරව්තිවු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී ස්යංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගනු ලබන උණ්ඩ තොගයක් සොයා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා තම නිරන්තර දායකත්වය ලබා දීමට කටයුතු කරයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් පුල්මුඩේ පොලීසිය හා විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව 2020 ජුනි මස 04 වන දින යාන්ඔය, වීරව්තිවු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී ප්‍රදේශයේ ප්ලාස්ටික් බෝතලයක් තුල බහා වගුරුබිමක අතහැර දමා ගොස් තිබූ ලද ස්යංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගනු ලබන මිලිමීටර 7.62 x 39 ප්‍රමාණයේ ජීවී උණ්ඩ 714ක තොගයක් සොයා ගැනීමට සමත් විය.

මෙලෙස සොයා ගන්නා ලද ජීවී උණ්ඩ තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පුල්මුඩේ පොලීසිය මගින් සිදු කරනු ලබයි.