වැදගත් සිදුවීම්

නාවික හමුදා පූර්ණ තාක්‍ෂණ සහ ශ්‍රම දායකත්වයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකෙරේ

නාවික හමුදා පූර්ණ තාක්‍ෂණ සහ ශ්‍රම දායකත්වයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය සඳහා ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල (CT Scanner Unit) එම රෝහල වෙත නිල වශයෙන් ලබා දීම 2020 ජුනි මස 04 වන දින සිදු කරන ලදි.

05 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 17ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 443ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 17ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 04 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

05 Jun 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 25 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු 2020 ජුනි 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

05 Jun 2020

යාන්ඔය ප්‍රදේශයේ වගුරු බිමකින් ස්වයංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගන්නා ජීවී උණ්ඩ තොගයක් සොයා ගනී.

නාවික හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 04 වන දින යාන්ඔය, වීරව්තිවු ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී ස්යංක්‍රීය ගිණි අවි සඳහා යොදා ගනු ලබන උණ්ඩ තොගයක් සොයා ගැනීමට සමත් විය.

05 Jun 2020