වැදගත් සිදුවීම්

නාවික හමුදාව ලෝක පරිසර දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි.

සෑම වර්ෂයකම ජුනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් 2020 ජුනි මස 05 වන දින උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

06 Jun 2020

ගාල්ල ප්‍රදේශයේ වක්වැල්ල, අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගිං ග‍‍ඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල, අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට නාවික හමුදාව 2020 ජුනි මස 03 සහ 05 යන දිනයන්හි කටයුතු කරන ලදී.

06 Jun 2020

නාවික හමුදා සහයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවකු (01) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 05 වන දින කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වීය.

06 Jun 2020