නාවික හමුදාව විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 06 වන දින විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුනි මස 06 වන දින විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී බැරලයක බහා තිබූ ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක පමණ ප්‍රමාණයක් ප්‍රදේශයේ වනලැහැබක් තුල තිබී සොයා ගැනීමට සමත් විය. මෙලෙස සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය මානුෂිය මෙහෙයුම් පැවැති සමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට සැක පළ කරන අතර අදාල පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇත.