දේශිය ගංජා සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 06 වන දින මිද්දෙණිය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දේශිය ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

රට තුල පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් කටයුතු දියත් කරමින් සිටිනු ලබන අතර, එලෙස ක්‍රියාත්මක තවත් එක් මෙහෙයුමක් දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව මිද්දෙණිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 ජුනි මස 06 වන දින සිදු කරන ලදි. එහිදී සැක සහිත පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී දේශීය ගංජා කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. පසුව අදාල පුද්ගලයා සහ දේශීය ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 30ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු සහ දේහීය ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මිද්දෙණිය පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.