වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් කන්කසන්තුරේ දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 ජුනි 07) කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ සහ එහි තවතා තිබූ දුම්රිය මැදිරි තුල විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

07 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 35ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 488ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 35ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 06 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

07 Jun 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 15 දෙනෙකු 2020 ජුනි 06 සහ 07 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

07 Jun 2020

දේශිය ගංජා සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි මස 06 වන දින මිද්දෙණිය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දේශිය ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

07 Jun 2020

නාවික හමුදාව විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 06 වන දින විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් විය.

07 Jun 2020