වැදගත් සිදුවීම්

රුපියල් ලක්‍ෂ 11කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය ඇතිව 2020 ජුනි මස 07 වන දින මන්නාරම නගරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රන් ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

08 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 34ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 522ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 34ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 07 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

08 Jun 2020