නාවික හමුදා සහයෙන් නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ඡුනි මස 08 වන දින මීගමුව ‍පෝරුතොට ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව සහ මීගමුව සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් පිරිසක් එක්ව මීගමුව ‍ පෝරුතොට ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත නිවසක් පරික්ෂා කර අදාල නිවසේ තිබි විදේශිය දුම්වැටි පැකට් 450ක පමණ තොගයක් සොයා ගැනීමට සමත්වී ඇත. එම දුම්වැටි තොගය විකිණීම සඳහා සූදානම් කර තිබියදී මෙලෙස සොයා ගැනීමට හැකිවී ඇති අතර, අදාල දුම්වැටි තොගය සමග එක් (01) සැකකරුවකුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 54ක් වන ‍ පෝරුතොට, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි කරුවකු බව වැඩි දුර විමර්ෂණයේදී කරුණු අණාවරණය කර ගෙන අතර. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ නීති විරෝධී දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මීගමුව සහකාර පොලිස් අධිකාරි කාර්යාලය මගින් සිදු කරණු ලබයි.