බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු 2020 ජුනි 08 සහ 09 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

2020 ජුනි මස 08 වන දින පුද්ගලයින් 09 දෙනෙක්ද, අද (2020 ජුනි 09) පුද්ගලයින් 07 දෙනෙකුද වශයෙන් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් පිරිස රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ලදි. තවද මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 280ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 56 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.