වැදගත් සිදුවීම්

ඩයිනමයිට් යොදා ඇල්ලූ මසුන් තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය එක්ව 2020 ජුනි 08 වන දින යාපනය, කාකතිවු ප්‍රදේශයේදී සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඩයිනමයිට් යොදා අල්ලන ලද මසුන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

09 Jun 2020

සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මත කරයි

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජුනි 09) ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

09 Jun 2020

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 08 වන දින යාපනය, කුරිකඩ්ඩුවාන් ජැටියේදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව සහ වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් මෙරට රැදීසිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

09 Jun 2020

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ඡින්නපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

09 Jun 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු 2020 ජුනි 08 සහ 09 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

09 Jun 2020

නාවික හමුදා සහයෙන් නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ඡුනි මස 08 වන දින මීගමුව ‍පෝරුතොට ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

09 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 41ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 563ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 41ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 08 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

09 Jun 2020