වැදගත් සිදුවීම්

කල්පිටිය සහ බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 15 දෙනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 15 දෙනෙකු 2020 ජුනි මස 09 සහ 10 යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

10 Jun 2020

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 08 සහ 09 වන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ එරක්කණ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධි දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

10 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 45ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 608ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 45ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 09 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

10 Jun 2020