නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 08 සහ 09 වන දිනයන්හි ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි සහ එරක්කණ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධි දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් 2020 ජුනි මස 08 වන දින ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි. තවද, 2020 ජුනි මස 09 වන දින ත්‍රිකුණාමලය එරක්කණ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල තවත් එවැනි සෝදිසි මෙහෙයුමකදීද තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙම මෙහෙයුම් මගින් පුද්ගලයින් 15 දෙනෙක්, ‍තහනම් දැල් දෙකක් (02) සහ ධීවර යාත්‍රාවන් දෙකක් (02) ඇතුළු එම ධීවර යාත්‍රාවන්හි තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අවුරුදු 18, ත් 44ත් අතර වයස් වල පසුවන නිලාවෙලි සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට තහවුරු කර ගන්නා ලදි. පසුව අදාල පුද්ගලයන්, ඩිංගි යාත්‍රාවන්, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා නිලාවේලි ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදි