‘හදවතේ හඩ’ සමාජ සත්කාර පදනම සහ ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් ‘හදවතේ හඩ’ සමාජ සත්කාර පදනම සහ ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය එක්ව නාවික හමුදාව වෙත ලබා දීම 2020 ජුනි 10 වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර නොයෙක් ආයතන සහ සංවිධාන මගින් නාවික හමුදාව වෙත ලැබෙමින් පවතින අතර, ඒ අනුව 2020 ජුනි 10 වන දින ‘හදවතේ හඩ’ සමාජ සත්කාර පදනම සහ ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය මුහුණු ආවරණ 2000ක තොගයක් ලබා දීම සිදු කරන ලදි. මෙම අවස්ථාවට ‘හදවතේ හඩ’ සමාජ සත්කාර පදනමේ සභාපති සුරංගි කොඩිතුවක්කු මහත්මිය සහ ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානයේ ව්‍යාපෘති අධක්‍ෂ රංග දොලවත්ත සහතා සහභාගී වී සිටින ලදි.

මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් මෙම විෂයන් නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට පැමිණ සිටි එම සිවිල් සංවිධාන නියෝජිතයින් වෙත නාවික හමුදාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍