වැදගත් සිදුවීම්

ඩිංගි යාත්‍රාවක තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සීනම්වේලි වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැලක් (01) සොයා ගැනීමට සමත් විය.

11 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 14ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 622ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 14ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 10 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

11 Jun 2020

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 06ක් පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 ජුනි මස 10 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

11 Jun 2020

‘හදවතේ හඩ’ සමාජ සත්කාර පදනම සහ ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් ‘හදවතේ හඩ’ සමාජ සත්කාර පදනම සහ ‘සත්‍ය ගවේෂකයෝ’ සංවිධානය එක්ව නාවික හමුදාව වෙත ලබා දීම 2020 ජුනි 10 වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

11 Jun 2020