ඩිංගි යාත්‍රාවක තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සීනම්වේලි වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා තහනම් දැලක් (01) සොයා ගැනීමට සමත් විය.

නොයෙක් තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව දිවයින වටා වූ සාගර කළාපයේ මෙන්ම වෙරළ තීරයන්හිද මුර සංචාරයන් දියත් කරනු ලබයි. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සීනම්වේලි වෙරළ තීරයේ ක්‍රියාත්මක කරන ලද පාමුර සංචාරයකදී මුහුදු වෙරළට ළඟා වෙමින් තිබූ ඩිංගි යාත්‍රාවක සිටි පුද්ගලයින් පිරිසක් සැක සහිත ලෙස ගොඩබිම දෙසට ගමන් කරන ආකාරය නිරීක්ෂණය කරන ලදි. පසුව අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදි එම යාත්‍රාවේ තිබී මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරනු ලබන නීතී විරෝධී දැලක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල යාත්‍රාව, තහනම් දැල සහ යාත්‍රාව තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් දැල, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.