ඩිංගි යාත්‍රාවක තිබූ මසුන් ඇල්ලිමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සාගරපුර, ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තිරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබූ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

නීති විරෝධි ක්‍රම මගින් මසුන් ඇල්ලීම තුලින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එම විනාශය වළක්වා ගැනීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි. නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සාගරපුර ප්‍රදේශයට මුහුදු තිරයේ සිදු කල මුර සංචාරයක් අතරතුර ධීවර යාත්‍රාවන් පරීක්‍ෂා කරනු ලබන අවස්ථාවේදී එක් ධීවර යාත්‍රාවක් ක්ෂණිකව ගොඩබිම වෙත සේන්දුවී එහි සිටි පුද්ගලයින් පිරිසක් ගොඩබිමට ගමන් කරන ආකාරය නිරීක්‍ෂණය කරන ලදි. පසුව අදාල ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත එය පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබී මසුන් මැරීමට යොදා ගන්නා වොටර් ජෙල් පුපුරණ දුව්‍ය ග්‍රෑම් 35ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. පසුව අදාල යාත්‍රාව, පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය සහ යාත්‍රාවේ තිබූ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද ඩිංගි යාත්‍රාව, පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය සහ යාත්‍රාවේ තිබූ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ෂණ කටයුතු සදහා කුච්චවේලි පොලීසිය හරහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදි.