වැදගත් සිදුවීම්

ඩිංගි යාත්‍රාවක තිබූ මසුන් ඇල්ලිමට ගන්නා පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුනි මස 10 වන දින ත්‍රිකුණාමලය, සාගරපුර, ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තිරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක තිබූ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

12 Jun 2020

නාවික හමුදාව විසින් මුහුදු මහා විහාරයේ රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි මස 11 වන දින පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාර භූමියෙහි රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

12 Jun 2020

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් අද (2020 ජුනි 12) අළුයම යාපනය, කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

12 Jun 2020

නීති විරෝධි ලෙස සුදු හදුන් දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි 11 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නිතී විරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබූ සුදු හඳුන් දැව කිලෝගෑම් 158ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

12 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 35ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 657ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 35ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 11 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

12 Jun 2020