මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා නීති විරෝධී දැලක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 15 වන දින කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයෙහි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි වෙරළ තීරයේ සඟවා තිබූ නීති විරෝධී දැලක‍් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටිනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් සහ පලච්චේනේ සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරීන්ගේද සහයෝගය ඇතිව කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයේ සිදු කරන ලද මුර සංචාරය‍කදි තහනම් ධීවර කටයුතු වල නිරත වන පුද්ගලයින් විසින් සඟවා තිබූ මීටර 100ක පමණ දිගින් යුත් තහනම් දැලක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙලෙස, නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් දැල ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.