දේශිය ගංජා ග්‍රෑම් 860 ක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 15 වන දින තණමල්විල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා ග්‍රෑම් 860 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව තනමල්විල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 ජුනි 15 වන දින සිදු කරන ලදි. එහිදී සැකකටයුතු පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර ඇති අතර, ඔහු සතුව තිබි දේශිය ගංජා ග්‍රෑම් 860 ක ප්‍රමාණයක් සොයාගන්නා ලදි. ඒ අනුව සැකකරු සමග දේශිය ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගත් අතර, සැකකරු වයස අවුරුදු 44 ක් වන තනමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තහවුරු කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා, දේශිය ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා තණමල්විල, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.