වැදගත් සිදුවීම්

දේශිය ගංජා ග්‍රෑම් 860 ක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 15 වන දින තණමල්විල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා ග්‍රෑම් 860 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි.

16 Jun 2020

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා නීති විරෝධී දැලක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 15 වන දින කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයෙහි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි වෙරළ තීරයේ සඟවා තිබූ නීති විරෝධී දැලක‍් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

16 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 734ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 15 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

16 Jun 2020