වැදගත් සිදුවීම්

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 16 වන දින ඕමන්තේ, නොච්චිමුඩේයි ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 6.4 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා ලදි.

17 Jun 2020

මෙරට ඉදිකළ ප්‍රථම දිය යට කෞතුකාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2020 අප්‍රේල් 05 වන දින ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

17 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 740ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 16 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

17 Jun 2020