කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 ජූලි 18 වන දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේදී ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේදී ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී මෙම කැස්බෑ මස් කිලෝග්‍රෑම් 15 සමඟ පුද්ගලයෙකු ‍මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 41 ක් වන පුන්කුඩුතීව් පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ කැස්බෑ මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙලනී ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි.

තවද, වඳවී යන සත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින‍ මෙම කැස්බෑවන් ආරක්‍ෂා කිරීම සදහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.