වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද හුදෙකලා වාට්ටු සංකිර්ණය හා නැව් බද කාර්මික වැඩපල විවෘත කෙරේ.

COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා උතුරු නාවික විධාන රෝහල් පරිශ්‍රය තුල අභිනවයෙන් ඉදිකරන ලද හුදෙකලා වාට්ටු සංකිර්ණය සහ නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත නැව් බද කාර්මික වැඩපලක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් 2020 ජුනි මස 18 වන දින විවෘත කරන ලදී.

18 Jun 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 19 දෙනෙකු 2020 ජුනි 16 සහ 18 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

18 Jun 2020

නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි 17 වන දින වලස්මුල්ල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝ ග්‍රෑම් 3.725 ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදි.

18 Jun 2020

කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව 2019 ජූලි 18 වන දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේදී ක්‍රියාත්මක කල මාර්ග බාධකයකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.

18 Jun 2020

කන්කසන්තුරය වරායේ නව PH BAY නාවික ජැටිය විවෘත කෙරේ.

කන්කසන්තුරය වරායේ නාවික මෙහෙයුම් පුළුල් කීරිම සදහා නාවික හමුදාවේ තාක්ෂණික සහ ශිල්පීය ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද PH BAY නම් නව නාවික ජැටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් 2020 ජුනි17 වන දින විවෘත කරන ලදි.

18 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 748ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 17 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

18 Jun 2020