නාවික හමුදා සහයෙන් දේශිය ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි 17 වන දින වලස්මුල්ල ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝ ග්‍රෑම් 3.725 ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදි.

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දීමට නිරන්තරයෙන් නාවික හමුදාව කටයුතු කරනු ලබයි ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය සමග එක්ව වලස්මුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 ජුනි 17 වන දින සිදු කරන ලැබු මෙහෙයුමකදි සැකකටයුතු පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර ඇති අතර, ඔහු සතුව විකිණීමට සූදානම් කර තිබූ දේශිය ගංජා කිලෝ ග්‍රෑම් 3.725 ක ප්‍රමාණයක් සොයාගන්නා ලදි. ඒ අනුව සැකකරු සමග දේශිය ගංජා ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 40ක් වන වලස්මුල්ල ප්‍රදේශයේම පදංචිකරුවකු බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරු සහ දේශිය ගංජා ප්‍රමාණය පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා වලස්මුල්ල, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.