කිලෝ ග්‍රෑම් 58 කට ආසන්න කේරල ගංජා තොගයක් නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට

නාවික හමුදාව අද (2020 ජුනි 19) දින අළුයම යාපනය, කකරතීව් දුපතේ සිදු කල විශේෂ මෙහෙයුමකදි කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත් ද්‍රව්‍ය තොගයක් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) එම මත් ද්‍රව්‍ය තොගය ද සමග නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

සාගරය හරහා මෙරටට ගෙන ඒමට උත්සාහ කරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී. එහි තවත් එක් විශේෂ මෙහෙයුමක් අද උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදී. එහිදි අද අළුයම අන්තර් ජාතික මුහුදු සීමාවේදී විදේශීය යාත්‍රාවක් මගින් මෙරට යාත්‍රාවක් වෙත මත් ද්‍රව්‍ය තොගයක් හුවමාරු කල බව‍ට ලද තොරතුරක් මත කකරතීව් දූපතේ සිදු කල විශේෂ මෙහෙයුමකදි ඩිංගි යාත්‍රාවක සගවා තිබු කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 58කට ආසන්න තොගයක් හා සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට නාවික හමුදා‍ව සමත් විය.

නාවික හමුදා භාරයට පත් සැකකරුවන් වයස අවුරුදු 30 ත් 40 ත් වයස්වල පසුවන මන්නාරම, සිරිතෝපූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා (02), ඩිංගි යාත්‍රාව සහ මත් ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ‍යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ වෙත වෙත භාරදීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදාව කකරතීව් දුපත හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වැඩිදුර සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටී.