වැදගත් සිදුවීම්

නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීම‍ට සූදානම් වු පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 17 වන දින නිලාවේලි මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලීම සදහා සුදානමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

19 Jun 2020

කිලෝ ග්‍රෑම් 58 කට ආසන්න කේරල ගංජා තොගයක් නාවික හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට

නාවික හමුදාව අද (2020 ජුනි 19) දින අළුයම යාපනය, කකරතීව් දුපතේ සිදු කල විශේෂ මෙහෙයුමකදි කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත් ද්‍රව්‍ය තොගයක් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) එම මත් ද්‍රව්‍ය තොගය ද සමග නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

19 Jun 2020

කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් දෙදනෙකු පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් දෙදනෙකු (02) 2020 ජුනි මස 18 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

19 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 756ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 08 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 18 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

19 Jun 2020