මුහුදේ ගිල්වා සගවා තිබූ තහනම් දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 19 වන දින වලෙයිතෝට්ටම් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මුර සංචාරයකදී මුහුදේ ගිල්වා සගවා තිබූ තහනම් දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරික පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තර මුර සංචාර දියත් කරනු ලබමින් සිටී. 2020 ජුනි මස 19වන දින වලෙයිතොට්ටම් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දියත් කරනු ලැබූ තවත් එක් විශේෂ මුර සංචාරයකදී එහි මසුන් ඇල්ලීම සඳහා මුහුදේ ගිල්වා සගවා තිබූ දිගින් මීටර 185ක පමණ ප්‍රමාණයෙන් යුත් තහනම් දැල් දෙකක් (02) සොයා ගැනීමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සමත් විය. ඒ අනුව අදාල දැල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.