වැදගත් සිදුවීම්

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් අල්ලමින් සිටි තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

20 Jun 2020

මුහුදේ ගිල්වා සගවා තිබූ තහනම් දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 19 වන දින වලෙයිතෝට්ටම් ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මුර සංචාරයකදී මුහුදේ ගිල්වා සගවා තිබූ තහනම් දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

20 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 771ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 19 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

20 Jun 2020