නාවික හමුදා වැටලීම් මගින් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව 2020 ජූලි 21වන දින තලේයිමන්නාරම සහ පේසාලේ යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව තහනම් මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටියි. එලෙස උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම පොලිසිය හා එක්ව 2020 ජූලි 21වන දින සිදුකළ එක් සෝදිසි මෙහෙයුමකදී මාවා නම් තහනම් මත්ද්‍රව්‍යය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී. එහිදී ඔහු සතුව තිබී මාවා නම් තහනම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25.75 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

තවද එදිනම මන්නාරම පොලිස් විශේෂ දූෂණ විමර්ශන කොට්ඨාසය හා එක්ව සිදු කළ තවත් එක් සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් නමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 40 ත් 70 ත් යන වයස්වල පසුවන තලේයිමන්නාරම සහ පේසාලේ යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද තහනම් මත් ද්‍රව්‍ය සහ එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු තලේයිමන්නාරම සහ පේසාලේ පොලිස් ස්ථානයන් මගින් සිදු කරනු ලබයි.