මඩකලපු කළපුවේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුනි 21 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මුර සංචාරයකදී කොටුවමඩ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට එළා තිබූ තහනම් දැල් 03ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරික පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තර මුර සංචාර දියත් කරනු ලබමින් සිටී. 2020 ජුනි මස 21වන දින මඩකලපු කලපුවෙහි, කොටුවමඩ ප්‍රදේශයේ දියත් කරනු ලැබූ තවත් එක් මුර සංචාරයකදී එහි මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ දිගින් අඩි 100ක පමණ ප්‍රමාණයෙන් යුත් තහනම් දැල් 03ක් සොයා ගැනීමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සමත් විය. ඒ අනුව අදාල දැල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි

මෙලෙස නාවික හමුදා භාරයට ගත් තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.