ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 21 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ලියාපදිංචි නොකල ධීවර යාත්‍රාවක් (වල්ලම්) භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙකු ඇතුළුව එම ධීවර යාත්‍රාව (වල්ලම්) සහ පිටත දහන යන්ත්‍රය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 45ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තහවුරු කරගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද එම පුද්ගලයා, ධීවර යාත්‍රාව (වල්ලම්), සහ පි‍‍ටත දහන යන්ත්‍රය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.