නාවික හමුදාව වාකරේ ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව 2020 ජූලි 22වන දින වාකරේ ප්‍රදේශයෙදී තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරික පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තර මුර සංචාර දියත් කරනු ලබමින් සිටී ඒ අනුව, නැගෙනහිර නාවික විධානය විසින් වාකරේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා දිගින් මීටර 120ක ප්‍රමාණයෙන් යුත් තහනම් දැලක් සොයා ගෙන ඇති අතර, අදාල ධීවර දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.