නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ලක් යාපනයේදී විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, නගර්කෝවිල් (බ‍ටහිර) ග්‍රාම සේවා වසමේ අභිනවයෙන් ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ලක් 2020 ජුනි 22 වන දින විවෘත කරණ ලදි.

ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ උතුරු නාවික ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ පුර්ණ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස මෙම බහු කාර්යය ගොඩනැගිල්ල උතුරු නාවික විධානයේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලදී. මෙම බහු කාර්යය ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික ‍හමුදාව වෙත පිරිනමන ලදී.

එම අවස්ථාව සඳහා යාපනය දිසා ලේඛම් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින් පිරිසක් සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගීවී සිටියහ.