හෙරෝයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 ජුනි 23 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

පවතින වසංගත හමුවේ වුවද නීති විරෝධී මත්ද්‍රව්‍ය ජවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටී. ඒ අනුව සිදු කල තවත් එක් මෙහෙයුමක් උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව 2020 ජුනි 23 වන දින මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදි. එහිදි හෙරෝයින් නමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1100 ක පමණ ප්‍රමාණයක් විකිණීමට සූදානමින් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

අත්අඩංගුවට පත් සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවු 37ක් වන පුද්ගලයෙකු බව හඳුනාගන්නා ලද අතර, එම සැකකරු සහ හෙරෝයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.