මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල බීඩි තොගයක් පලමු වරට නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුනි 26 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩ බිමට ගෙන ඒමට උත්සාහ කල ‍තෙත බර සහිත බීඩි කිලෝග්‍රෑම් 295 ක ප්‍රමාණයක් සහ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී. එලෙස 2020 ජුනි 26 වන දින අළුයම, උතුරු නාවික විධානය මගින් උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු අයුරින් යාත්‍රා කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදි එහි තිබී පාර්සල්‍ 06 ක් තුල අසුරණ ලද ‍තෙත බර සහිත බීඩි කිලෝග්‍රෑම් 295ක්සොයාගැනීමට සමත් වු අතර, නාවික හමුදාව විසින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද බීඩිකොළ විශාල තොගයක් අත් අඩංගුවට ගෙන ඇතත් නිතී විරෝධි ලෙස මෙරටට ගෙන එන ලද බීඩි තොගයක් නාවික හමුද‍ භරයට ගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙය වන අතර, අදාල බීඩි ප්‍රමාණය සහ පුද්ගලයින් කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33 ත් 37 ත් අතර වයසේ පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, බීඩි කිලෝග්‍රෑම් 295ක ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, සන්කානේ සුරාබදු දෙපාර්තුමේන්තුව වෙත භාරදීමට කටයුතු කරන ලදි.