වැදගත් සිදුවීම්

නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන නිට්ටඹුව, ඌරාපොල නව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා මුල්ගල තබයි.

මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර සැමරුම් දිනය‍ට සමගාමිව නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ ඉදි කිරීමට නියමිත නිට්ටඹුව, ඌරාපොල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සඳහා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සහභාගිත්වයෙන් 2020 ජුනි 26 වන දින සිදු කරන ලදී.

27 Jun 2020

ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් රියර් අද්මිරාල් බන්ඩාර ජයතිලක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් බන්ඩාර ජයතිලක 2020 ජුලි 26 වන දින නාවික දියත් විධාන කාර්යාල‍යේදී ධජ නිළධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදි.

27 Jun 2020

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල බීඩි තොගයක් පලමු වරට නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුනි 26 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩ බිමට ගෙන ඒමට උත්සාහ කල ‍තෙත බර සහිත බීඩි කිලෝග්‍රෑම් 295 ක ප්‍රමාණයක් සහ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

27 Jun 2020