බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය කිරිම සාර්ථකව නිමාවට පත් වේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සංකල්පයකට අනුව නාවික ස්ථානගත කිරීම මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ ශ්‍රීලංකා නාවික හමුදාවේ ප්‍රථම බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය කිරිම 2020 ජුනි 25 වන දින ආඥාපති නාවික ගොඩබිම් මෙහෙයුම් රියර් අද්මිරාල් එච්එල්ඒඩීඑෆ් සෙනවිරත්න ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

මෙහිදී මෙම පාඨමාලාව සාර්ථකව නිමකළ නිලධාරින් 03 දෙනෙක් සහ නාවිකයින් 27 දෙනෙක් නිළ ලාංඡන සහ සහතිකපත් ලබා ගන්නා ලදි. පාඨමාලාවේ දක්‍ෂතම බෝම්බ නිෂ්ක්‍රියකරු ලෙස ලුතිනන් එස්ඒඑස් මහීපාල එන්ආර්එක්ස් 3024 නිලධාරියා සම්මාන ලැබූ අතර දක්‍ෂතම කෘතීම බෝම්බ නිර්මාණ කිරීමේ සම්මානය බළසෙබල එස්කේඑස්එම් බණ්ඩාර එක්ස්පී 111258 නාවිකයා විසින් හිමිකර ගත්තේය. මෙම පාඨමාලාවෙන් අනතුරුව මෙම නාවික පුද්ගලයින් ශ්‍රීලංකා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ කටයුතු වලට සහභාගීවීමට සුදුසුකම් ලබති.

මෙහිදී පාඨමාලාවට සහභාගීවූ නිලධාරීන් සහ නාවිකයින් ශ්‍රීලංකා නාවික හමුදාවට අවශ්‍ය පරිදි බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ කටයුතු වල නියලෙන බවටත් තමා විසින් ඉගෙන ගත් බෝම්බ සම්බන්ඳ දැනුම අනිසි ලෙස භාවිතා නොකරන බවටත් දිවුරුම් දීමෙන් අනතුරුව සහතික ප්‍රධානය අවසන් විය.