වැදගත් සිදුවීම්

බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවීම‍ට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 25 දින මන්නාරම, කටස්පතිරි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවිම‍ට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

28 Jun 2020

නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 ක් සහ ඩිංගි යාත්‍රාවන් 02 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 26 සහ 27 යන දිනයන්හි නැගෙනහිර මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි (02) ත්‍රිකුණාමලය, සීනම්වේලී වෙරළ ප්‍රදේශයේ සහ වාකරේ, කන්ඩලඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී තහනම් දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 ක් සහ ඩිංගි යාත්‍රාවන් 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

28 Jun 2020

බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය කිරිම සාර්ථකව නිමාවට පත් වේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සංකල්පයකට අනුව නාවික ස්ථානගත කිරීම මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ ශ්‍රීලංකා නාවික හමුදාවේ ප්‍රථම බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය කිරිම 2020 ජුනි 25 වන දින ආඥාපති නාවික ගොඩබිම් මෙහෙයුම් රියර් අද්මිරාල් එච්එල්ඒඩීඑෆ් සෙනවිරත්න ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

28 Jun 2020

නාවික හමුදා සහයෙන් තහනම් මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජූලි 25 සහ 27 දිනයන්හි මිද්දෙනිය සහ ගොඩගම උනැල්ල යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

28 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 823ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

28 Jun 2020