කොමාණ්ඩර් සම්පත් අමරසිංහ ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සම්පත් අමරසිංහ 2020 ජුනි 30 වන දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී වන කොමාණ්ඩර් දිලුම් තිසේරා විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී නිල වශයෙන් කොමාණ්ඩර් සම්පත් අමරසිංහ වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. තවද, එම අවස්ථාව සඳහා කොමදෝරු මුහුදු පුහුණු නාවික දියත් විධානය, කොමදෝරු උදිත කාසිවත්ත සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.