වැදගත් සිදුවීම්

කොමාණ්ඩර් සම්පත් අමරසිංහ ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් සම්පත් අමරසිංහ 2020 ජුනි 30 වන දින වැඩ භාර ගන්නා ලදී.

01 Jul 2020

නාවික හමුදා මහ රෝහල සාමාන්‍ය ප්‍රතිකාර සඳහා යලි විවෘත කරයි

වැලිසර නාවික මහ රෝහල කොවිඩ් - 19 ආසාධිත නාවික රණවිරුවන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙස නම් කිරීමත් සමග සාමාන්‍ය රෝග සඳහා ප්‍රතිකාර කිරීම සීමා විය.

01 Jul 2020

නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජුනි 30 වන දින වනාතවිල්ලුව, ස්මයිල්පුරම් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදී නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

01 Jul 2020

වලංගු බලපත්‍ර නොමැති ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 30 වන දින තලෙයිමන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු තීරයේදී වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීම සඳහා කටයුතු කරන ලද පුද්ගලයින් දෙදෙනෙක් (02) ඩිංගි යාත්‍රාවක් සමග නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

01 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් හයදෙනෙක් (06) රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 842ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 30 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

01 Jul 2020