වැදගත් සිදුවීම්

උතුරු මුහුදෙන් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 ජුලි 03) යාපනය, මන්ඩතිව් දූපත සහ කල්මුනේතුඩුව අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 400 කට අධික කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේධයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික භාරයට ගන්නා ලදි .

03 Jul 2020

නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කල පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2020 ජුලි 02 වන දින පූනෑව, වෙඩිතිබ්බාගල ප්‍රදේශයේ සිදු කල පාමුර සංචාරයකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය කරනු ලැබූ ස්ථානයක් වටලා එක් පුද්ගලයෙක් (01) සමග දේශීය මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය.

03 Jul 2020

ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් බරඅවි උණ්ඩ කිහිපයක් සොයා ගනී.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුනි 02 වන දින ත්‍රිකුණාමලය නෙදුන්කේනි රක්‍ෂිතයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී බර අවි උණ්ඩ කිහිපයක් සොයා ගැනීමට සමත් විය.

03 Jul 2020

නාවික හමුදාව මඩකලපුව, කොටුවමඩ කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 05 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජූලි 02 වන දින මඩකලපුව, කොටුවමඩ කළපු ප්‍රදේශයේදී තහනම් දැල් පහක් (05) නාවික හමුදා බාරයට ගන්නා ලදි.

03 Jul 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 29 දෙනෙකු රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 877ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 29 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 02 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

03 Jul 2020