නාවික හමුදාව මඩකලපුව, කොටුවමඩ කළපු ප්‍රදේශයෙන් තහනම් දැල් 05 ක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 ජූලි 02 වන දින මඩකලපුව, කොටුවමඩ කළපු ප්‍රදේශයේදී තහනම් දැල් පහක් (05) නාවික හමුදා බාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපයේ මත්ස්‍ය සම්පත සහ සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නාවික පිරිසක් විසින් මඩකලපුව, කොටුවමඩ කළපු ප්‍රදේශයේ සිදු කළ ඩිංගි යාත්‍රා මුර සංචාරයකදී නිතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට එලා තිබූ මීටර 100ක පමණ දිගින් යුත් තහනම් දැල් පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, අදාල තහනම් දැල් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.